රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ අසත්‍ය ප‍්‍රචාර හරහා සමාජය නොමග යැවීම (2017.09.28 දින)

මාධ්‍ය නිවේදනය

රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ අසත්‍ය ප‍්‍රචාර හරහා සමාජය නොමග යැවීම

මියන්මාරය තුළ පැනනැගී ඇති අභ්‍යන්තර දේශපාලන තත්ත්වය මගින් නිර්මාණයවී ඇති රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ අර්බුදය යොදාගනිමින් මෙරට පටු දේශපාලනික අරමුණු සහිත පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහි`දියාවට තර්ජනයක් වෙමින්, අසත්‍ය ප‍්‍රචාර හරහා සමාජය නොමග යැවීමට උත්සාහ දරමින් තිබේ. ශ‍්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබ`ද මහකොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත නිල වශයෙන් බාරදී සිටි රොහින්යා සරණාගතයින් පිරිසක් එම කාර්යාලයේ රැදවුම් භාරයේ රත්මලාන ප‍්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදී පසුගිය 26 වන දින සිදුකළ එම නීතිවිරෝධී ක‍්‍රියාව පිළිබ`දව කණගාටුව පළකළ යුතුය. මෙම සිදුවීමෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට (03) ද, තුවාල සිදුවී තිබේ. මෙම කළහකාරී සිදුවීමෙන් අනතුරුව එම රොහින්ග්‍යා වැසියන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබ`ද මහකොමසාරිස් කාර්යාලයේ ඉල්ලීම මත බූස්ස ප‍්‍රදේශයේ රැදවුම් ක`දවුරකට යොමුකිරීමට කටයුතු යොදා තිබේ. 

ශ‍්‍රී ලංකා මුහු`දු සීමාවේදී අත්අඩංගුවට ගත් මෙම රොහින්ග්‍යා සරණාගතයින්් පිළිබඳව කටයුතු කිරීමේදී රජය පිළිගත් නීති රාමුවෙන් හෝ නිසි ක‍්‍රියාපරිපාටියෙන් බැහැරව ක‍්‍රියාකොට නොමැත. රට තුළට හෝ මෙරට මුහු`දු සීමාවට පැමිණෙන විදේශිකයන්ට එරෙහිව 1948 අංක 20 දරන ආගමන හා විගමන පනතේ 10 වන වගන්තියෙන් සපයා ඇති ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම යටතේ නීතිමය ක‍්‍රියාමාර්ග ගනු ඇත. එහි 45 (1) ෙඡ්දය අනුව එවැනි වැරැදිකරුවන්ට අදාළ ද`ඩුවම් පනවනු ලැබේ.

ඒ අනුව, දැනට මෙරට රැදීසිටින රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනා සම්බන්ධයෙන් ද, මෙරට ආගමන හා විගමන නීති රාමුවට අනුකූල වන ලෙස නීත්‍යානුකූලව ක‍්‍රියාකර ඇත.

සරණාගතයින් ලෙස වසර හතරක් (4) ඉන්දියාවේ ජීවත්වීමෙන් අනතුරුව මෙම වසරේ (2017) අපේ‍්‍රල් මස 30 වන දින නීතිවිරෝධීව ශ‍්‍රී ලංකා මුහු`දු සීමාවට ඇතුල්වූ රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනෙකු ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් යාපනේ මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අධිකරණය මගින් ලබාදුන් ර`දවා තැබීමේ නියෝගයක් මත ^B/372/17& ඔවුන් යාපනේ බන්ධනාගාරයට යොමුකර ඇති අතර 2017 මැයි මස 03 වන දින බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට බාරදී ඇත. ඉන් පසු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් පිළිගත් ක‍්‍රමවේදය අනුව ඉහත රොහින්ග්‍යා වැසියන් එම දෙපාර්තමේන්තුවට අයත් මිරිහානේ පිහිටි අනවසර සංක‍්‍රමණික රැදවුම් මධ්‍යස්ථානයේ ර`දවනු ලැබ තිබේ.

ඒ අතර, මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් එම රොහින්ග්‍යා වැසියන් සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස් මත 2017 අගෝස්තු මස 08 වන දින ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබ`ද මහකොමසාරිස් කාර්යාලය වෙත බාරදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් 2017 අගෝස්තු 11 වන දින රොහින්ග්‍යා වැසියන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබ`ද මහකොමසාරිස් කාර්යාලයට බාරදීමට කටයුතු කර ඇත. දැනට එම කොමසාරිස් කාර්යාලය භාරයේ සිටින රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනා (30) එම සංවිධානය විසින් ළ`ගදීම වෙනත් රටකට යැවීමට කටයුතු සම්පාදනය කරමින් තිබේ.

රොහින්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණ ඇත්තේ මෙම අවස්ථාවේ පමණක් නොවේ. මීට පෙර අවස්ථා කීපයකදී ද, මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ද, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබ`ද මහකොමසාරිස් කාර්යාලය හරහා වෙනත් රටවලට යැවීමට කටයුතු කර ඇත. 2008 මාර්තු මස 03 වන දින රොහින්ග්‍යා සරණාගතයින් පනස් පස් දෙනෙකු (55) ශ‍්‍රී ලංකාවේ මුහු`දු සීමාවේදී නාවික හමුදාව විසින් බේරාගනු ලදුව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත භාරදී තිබේ. එම සරණාගතයින් 2012 වසරේ ජූලි මාසයේදී දිවයිනෙන් බැහැරව ගොස් ඇත. 2013 වසරේ පෙබරවාරි මාසයේදී බෝට්ටු දෙකකින් පැමිණි තවත් රොහින්ග්‍යා සරණාගතයින් එකසිය පස් දෙනෙකු (105) නාවික හමුදාව විසින් බේරාගෙන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත භාරදීමෙන් පසු ඔවුන් 2015 නොවැම්බර් මාසයේදී දිවයිනෙන් බැහැරව ගොස් තිබේ.

රොහින්ග්‍යා සරණාගතයින් පිළිබ`ද මෙම කළහකාරී සිද්ධිය පිළිබ`දව ගල්කිස්ස පොලීසිය විසින් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උසාවියට වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු ස`දහා පොලිස් කණ්ඩායම් තුනක් (03) යොදවා තිබේ.

මීට පෙර රොහින්ග්‍යා සරණාගතයන් පැමිණි අවස්ථාවලදී මෙවැනි විරෝධයක් දැක්වීමට මෙරට කිසි`දු සංවිධානයක් කටයුතු නොකිරීමෙන් හා මෙවර අනපේක්ෂිත ලෙස එවැනි විරෝධතා දැක්වීමට හේතුව විවිධ දේශපාලනික සංවිධානවල පටු දේශපාලනික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට උත්සාහ ගැනීම බව පැහැදිලි වනු ඇත.

සරණාගතයන් පිළිබ`ද මෙම ගැටළුවේදී රජය සැමවිටම පවතින නීති රාමුවෙන් හෝ නිසි ක‍්‍රියාපරිපාටියෙන් බැහැරව කටයුතු නොකරන අතර කිසි`දු සරණාගතයකුට ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ නේවාසික වීසා ලබාදීමට තීරණය කර නොමැත.

එමනිසා, විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහි`දියාවට තර්ජනයක් වෙමින්, පටු අරමුණු ඉටුකර ගැනීම ස`දහා සිදුරනු ලබන මෙවැනි අසත්‍ය හා සමාජය නොමග යවන සුළු ක‍්‍රියාවලට නොරැුවැටී බුද්ධිමත්ව හා විචාරශීලීව කටයුතු කරන ලෙස සෑම පුරවැසියෙකුගෙන්ම කාරුණිකව ඉල්ලා සිටී.

 

ජගත් පී. විජේවීර

ලේකම්

 

Media Release on 20.11.2013

Promotions to the Rank of Deputy Inspector General of Police.

The following Senior Superintendents of Police have been promoted with effect from 20.11.2013 to fill 6 Deputy Inspector General vacancies existing in the Police Department.

  1. Mr. J.C.Proctor
  2. Mr. K.S.B.R. Dias
  3. Mr. P.J.K.S.W.Wickramasinghe
  4. Mr. T.B.Samsudeen
  5. Mr. B.K.A.H.G.Maturata
  6. Mr. U.K. Dissanayake

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions