අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සදහා විශේෂ වැඩමුළුවක්

රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ කාර්ය මණ්ඩලය සදහා  එක්දින විශේෂ වැඩමුළුවක් අද දින (2018.10.23) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි එම අමාත්‍යංශ පරිශ්‍රෙය්දී සිදුකෙරිණ. 

විවිධ ප්‍රතිපත්තිමය කරුණු පිළිබදව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සැකසීමේදී භාවිතා කළ යුතු භාෂාව සහ අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබද මාර්ගෝපදේශ මෙහිදී සාකච්ඡාවට ගැණින.  

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යයන උපදේශිකා සීතා විතානාරච්චි මහත්මිය මෙම අවස්ථාවට දේශකයින් ලෙස සහභාගි විය.

 

 

 


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions