රාජ්‍ය අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන මහජන දිනයේදී රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මහජන හමුව අද (ඔක්තොබර් මස 11 වන දින) බත්තරමුල්ල, සුහුරුපායේ, 14 වන මහළේ පිහිටි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ.
එහිදී මෙතෙක් කල් නොවිසඳුණු රාජකාරිමය ගැටළු විසඳාගැනීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන් සහ සිවිල් ජනතාවගේ අවශ්‍යතා විමසා බලා බොහෝ ගැටළු එම අවස්ථාවේම විසදීමට කටයුතු කළ අතර සංකීර්ණ ගැටළු වලට සුදුසු පරිදි විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ගරු අමාත්‍යතුමා විසින් උපදෙස් ලබාදෙනු ලැබීය.