ශ්‍රී ලංකා පොලීසිය ප්‍රතිසංවිධානයට පියවර

ශ්‍රී ලංකා පොලිස් සේවය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ගරු රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ එම අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

පොලිස් සේවය ප්‍රතිසංවිධානය විය යුත්තේ කෙසේද යන්න පිළිබදව විශේෂඥයින් සමග සාකච්ඡා කර විශේෂ වාර්තාවක් සකස්කර ඇති බවත්, එම වාර්තාව එළඹෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැවැසීය. 

පොලිස් සේවය සදහා අවශ්‍ය නව තාක්ෂණය හදුන්වාදීම, කල් යමින් පවතින උසස්වීම් ගැටළු විසදීමට විශේෂ ක්‍රමවේදයක් සැකසීම, වැටුප් සම්බන්ධ

ගැටළු, පොලීසිය සහ මහජනතාව අතර සමීප සම්බන්ධයක් ඇතිකිරීම, නීතිය හා සාමය පවත්වාගෙන යාම සදහා නව ක්‍රමවේද යෝජනා කර හදුන්වාදීම මෙම ප්‍රතිසංවිධානය මගින් සිදුකිරීමට නියමිතය.

 


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions