ශ්‍රී ලංකා පොලිසියේ 152 වෙනි පොලිස් සැමරුම අද (03) පස්වරු 2.00ට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වසර 152ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලිසිය එදා සිට මේ දක්වා විවිධ අභියෝග මධ්‍යයේ දිගු ගමනක් පැමිණ ඇත.
එහිදී දශක තුනකට අධික කාලයක් මෙරට පැවැති බිහිසුණු ත්‍රස්තවාදය විනාශ කිරීමට ත්‍රිවිධ හමුදා මෙහෙයුම් සිදු කරද්දී ශ්‍රී ලංකා පොලිසියද රටේ සෙසු පළාත්වල මහජන ආරක්ෂාව නීතිය සාමය පවත්වාගෙන යමින් එම බිහිසුණු යුද්ධයට එරෙහිව විශාල සහයෝගයක් ලබාදී ඇත.
ශ්‍රී ලංකා පොලිසිය අද වන විට පොලිස් නිලධාරීන් ලක්ෂයකට ආසන්න පිරිසක් සමග රටපුරා පොලිසි 400කට අධික ප්‍රමාණයක්ද ස්ථාපිත වී තිබේ. නවීන තාක්ෂණයෙන් වෙන්ව ජාත්‍යන්තර සබඳතාවලින්ද ඉහළ තත්ත්වයකට ගොස් තිබෙන ශ්‍රී ලංකා පොලිසිය අද මෙසේ සිය 152 වෙනි සැමරුම අභිමානයෙන් සමරනු ලබයි.
මෙම උත්සවයට සමගාමීව ප්‍රාදේශීය වශයෙන්ද සැමරුම් උත්සව පැවැත්වෙන අතර කොළඹදී පැවැත්වෙන ප්‍රධාන උත්සවය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව උදාකර ඇත.