මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධි වාර්තාකරණය හා මාධ්‍ය ආචාරධර්ම පිළිබදව වැඩමුළුවක්

මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධි වාර්තාකරණය හා මාධ්‍ය ආචාරධර්ම පිළිබදව ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ වැඩමුළුවක් ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ. මෙම වැඩමුළුව සංවිධානය කර තිබුනේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසිනි.

මෙහිදී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා මාධ්‍යවේදීන් සතු සමාජ වගකීම පිළිබදව විශේෂ දේශනයක් කළේය.

 අද ජනමාධ්‍යවල භාවිතය වන්නේ සැමට කලින් වාර්තාකරණය කිරීමයි. එහිදී නිවැරැදි තොරතුරු වාර්තාකරණයකට වඩා උණුසුම් පුවත් ලෙස වාර්තාකරණය කිරීම තමයි සිදුවන්නේ. ජනමාධ්‍යයට සමාජ වගකීමක් තියෙනවා. එමනිසා නිවැරැදි තොරතුරු වාර්තා කිරීමත්, ආචාරධර්මීය පදනමක පිහිටා වාර්තා කිරීමත් ඉතා වැදගත්. මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වගකීමෙන් යුක්තව නිවැරැදි තොරතුරු වාර්තා කළ යුතුයි. එසේ නොවන විට වැරැදි මතයක් සමාජගතවිය හැකියි. එමනිසා මාධ්‍යෙව්දීන්ට පැවැරී ඇති පුළුල් සමාජ වගකීම පිළිබදව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව එහිදී ඔහු වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාව සදහා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි විය.


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions