නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අභිනව ලේකම් ධූරයේ වැඩ භාර ගැනීම

ජගත් විජේවීර මහතා 2015 සැප්තැම්බර් මස 11 වන අද දින පැය 10 00 ට යෙදුනු සුභ මොහොතින් බත්තරමුල්ල සෙත්සිරිපාය 13 වන මහලේ පිහිටි නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය ධූරයෙහි වැඩ භාර ගැනීම සිදු විය.

කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය ඇලිකේවල සීලානන්ද හිමිපාණන් වරප්‍රමුඛ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයයේ සිය ලේකම් ධූරයේ වැඩ භාර ගන්නා ලදී.


නව ලේකම්වරයා වෙනුවෙන් සුභ පැතීම පිණිස  පොලිස්පති තුමා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමා, අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය හා සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගී විය.

 


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions