ආචාර්ය මහින්ද බාලසුරිය මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම් ධූරයෙහි වැඩ භාර ගනී.

ආචාර්ය මහින්ද බාලසුරිය මහතා 2014.10.21 වන අද දිනයේ පෙ.ව.10.47ට යෙදුන සුභ මුහුර්තියෙන් නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම් ධූරයේ රාජකාරි භාර ගැනීම සිදු විය.

බෙල්ලන්විල විමලරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඤ්ඤජායනා මධ්‍යයේ ඒ මහතා නව ලේකම් ධූරයේ වැඩ භාර ගන්නා ලදි. කතෝලික, හින්දු හා මුස්ලිම් පූජක උතුමන්ලාගේ ආශිර්වාද ගරු ලේකම් තුමන් වෙත පිරිනැමු අවස්ථාව ඉන් අනතුරුව සිදු වුණි.

අභිනව ලේකම්වරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුභ පැතීම පිණිස පැමිණි සම්භාවනීය අමුත්තන් ඇමතීම ඉන් පසුව සිදු විය. මෙම අවස්ථාවට බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්. කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මැතිතුමා, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මැතිතුමා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මැතිතුමා, නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩි.එස්. රුවන්චන්ද්‍ර මහතා ප්‍රමුඛ සියලුම මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ගාමිණි නවරත්න සහ අනුර සේනානායක යන මහත්වරුන්ද,  ප්‍රධාන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විශාල පිරිසක්ද සිමාසහිත එක්සත් ප්‍රවෘති පත්‍ර  සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා ඇතුළු විශේෂ සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගි වුහ.

මෙම අවස්ථාවේ මාධ්‍ය ඇමතූ අභිනව ලේකම්වරයා රට තුළ නිතීය හා සාමය මනාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියළු ක්‍රියා මාර්ග ගන්නා බවත්, ඒ සඳහා පොලිස් දෙපාර්තුමේන්තුව මෙහෙයවන බවත් පැවසීය. එසේම ජනතාවගේ අවශ්‍යතාවයන් සොයා බලා ඉටු කිරීම සඳහා  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය විසින් 2014.10.21 වන දින සිට ස්ථාපිත කරනූ ලැබූ පහත සඳහන් ෆැක්ස් අංක ත්‍රිත්වය මහජන පැමිණිලි සඳහා මාධ්‍ය වෙත මුදා හැරීමද සිදු විය.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ 2014.10.21 වන දින සිට  ස්ථාපිත කිරීමට යෝජිත ෆැක්ස් අංක

 

011 2186100                     මහජන පැමිණිලි හා දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා
011 2186222   පොලිස් සේවයේ නියුතු නිලධාරීන්ගේ පැමිණිලි හා දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා
011 2186400   විශ්‍රාමික, අබාධිත හා රාජකාරියේ නිරතව සිටියදි මියගිය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පැමිණිලි/දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා

 


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions