ජාත්‍යන්තර ඇසුරුම්කරණ ප්‍රදර්ශනය ලංකා පැක් 2014 නීතිය හා සාමය ලේකම්වරයා ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙයි.

ඇසුරුම්කරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ සමාරම්භය පසුගිය දිනෙක කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් විවෘත විය.


ඇසුරුම්කරණය පිළිබඳ ශ්‍රි ලංකා ආයතනයේ උප සභාපති ජේ.ඩී.සී. පෙරේරා මහතාගේ ඇරයුමින් මෙම උත්සවයේ ආරාධිත අමුත්තා වශයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි වීඑස්වී එක්විය.

ඇසුරුම්කරණය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ගේ එකමුතුවෙන් 1975 වසරේදී ආරම්භ කර ඇත. ශ්‍රි ලංකා ඇසුරුම්කරණ සංගමයේ සාමාජික ආයතනයන්හි පොලී ප්‍රතිශතයන් වර්ධනය කිරීම,  ආරක්ෂා කිරීම, ඇසුරුම්කරණ කර්මාන්තයේ අවශ්‍යතා සහ ඒ පිළිබඳව දක්වන අවධානය පිළිබඳව මෙම ප්‍රදර්ශන වැඩ මුළුවේදී සාකච්ඡාවට ලක් වූ අතර කර්මාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම ඇසුරුම්කරණය අනාගතයේදී ප්‍රායෝගික ක්‍රමෝපායන් සහිතව සංවර්ධනය කර උසස් තලයකට ගෙන ඒමට කටයුතු කරන බැව් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමින් ලංකා පැක් - 2014 සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සහභාගී විය. උත්සවයට ඇසුරුම්කරණ පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ සභාපති ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වූහ.

 


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions