පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති නව යතුරු පැදි නීතිය හා සාමය ලේකම්වරයාගේ සුරතින් පොලීසිය වෙත බෙදා දේ.

මුදල් අමාත්‍යාංශය මඟින් වෙන් කරන ලද ප්‍රතිපාදන අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් 600 cc එන්ජින් ධාරිතාවයෙන් යුක්ත යතුරු පැදි 279 ක් 2014.07.01 දින නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි වීඑස්වී සුරතින් බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේදී නිල වශයෙන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත භාර දෙන ලදි.

He the President accompanied by secretary Nanda Mallawaarachchi visit the affected areas of the Beruwala on 18.06.2014:

Secretary Major General (Retd) Nanda Mallawaarachchi joined HE Mahinda Rajapakse on a visit to Beruwala accompanied by Ministers Rohitha Abeygunawardena, Mervin Silva, and Secretary Lalith Weerathunga.

දහම් පණිවිඩය

දැහැමි සිතුවිල්ලෙන් පිරි පින්බර වෙසක් මංගල්ලයක් වේවා!

නීතිය හා සාමය ලේකම්වරයාගෙන් රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර

මාතෘ භූමියේ විජයග්‍රහණය උදෙසා ජීවිත පූජාකල විරෝධාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිරිනැමීම 2014.05.19 වන දින ප.ව. 4.30 ට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සහාපතිනි පත්මා වෑත්තෑව මැතිණියගේ ආරාධනයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි වීඑස්වී ද සහභාගී විය.

මාතෘ භූමිය උදෙසා තම තුරුණු දිවිය කැප කළ, ජීවිත පූජා කළ, පූර්ණ ආබාධිත සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝදාර රණවිරුවන් සදා අනුස්මරණය කිරීම ජාතියේ වගකීම සහ යුතුකම බැව් සිහිපත් කර මුළු මහත් දේශයම නියෝජනය කරමින් අතිගරු ජනාධිපතිතුමන්, අගමැති තුමන් ප්‍රමුඛ මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, ජනාධිපති ලේකම්තුමන් ප්‍රමුඛ රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමන්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ රණවිරු ඥාතීන් විනාඩියක නිශ්ශබ්දතාවය රකිමින් ජාතියේ ප්‍රණාමය ඔවුන් වෙත පුද කරනු ලැබූහ.

    සර්ව ආගමික ආශිර්වාද පූජාවෙන් අනතුරුව රණජය බෙර වැයූහ. අතිගරු ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් සහ නීතිය හා සාමය ලේකම්තුමන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් ස්මාරකය අභියස පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව රණවිරුවන්ගේ ඥාතීන් ස්මාරකයට පුෂ්පෝහාර දක්වා ඔවුන්ව කෘතගුණවේදීව සිහිපත් කළෝය.

    මිය ගිය රණවිරුවන් සිහිපත් කිරීමේ “පසුබැසීමේ නාදයෙන්”  පසුව රණවිරුවන්ගේ දරුවන් විසින් ස්මාරකය අභියසදි පවත්වනු ලැබු අලෝක පූජාවෙන් අනතුරුව 05 වන රණවිරු සැමරුම් උළෙල සමාප්තියට පත්විය.

 

නීතිය හා සාමය ලේකම්වරයා ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අධීක්ෂණ සංචාරය

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි වීඑස්වී සිය ධූරයේ රාජකාර්ය භාර ගැනීමෙන් අනතුරුව පසුගිය දිනෙක ප්‍රථමවරට ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අධීක්ෂණ සංචාරයක නිරත විය. සංචාරය සඳහා ලේකම්වරයා සමඟ පොලිස්පතිවරයා ඇතුළු ක්ෂේත්‍ර බලකායේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ. මෙහිදී ක්ෂේත්‍ර බලකායේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් සොයා බලා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ක්‍රියාදාමයන්ද ලේකම්වරයාගේ දැඩි විමසුමට ලක්විය.

විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ක්ෂේත්‍ර බලකායේ ආචාර පිළිගත් ලේකම්වරයා එහිදී මූලස්ථානයේ සියළු අංශ කෙරෙහි අවධානය යොමු කරමින් අණදෙන නිලධාරී ඇතුළු සෙසු නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය.

ප්‍රහාරක රථ මෙන්ම ක්ෂේත්‍ර බලකායට අලුතින් ආනයනය කරන ලද නව කැරලි මර්ධන රථද පරීක්ෂාවට ලක්කල ලේකම්වරයා රට තුළ ඇතිවන කැළඹිලිකාරී අවස්ථාවන්හීදී  පොලිසිය මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් පුහුණු නිලධාරීන් දැනුවත් කලේය. කැරලි මර්ධන රාජකාරී සම්බන්ධයෙන්ද ගත යුතු ක්‍රියාමාර්ග නීතිය හා සාමය ආරක්ෂා කිරීම පිළිබඳවද ක්ෂේත්‍ර බලකායේ ගොඩනැඟිලිවල පිහිටීම සම්බන්ධයෙන්ද සොයා බැලූ ලේකම්වරයා ඉදිරියේදී සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය.

පොලිස් දෙපාර්තමේන්තු භෝජනාගාරය, රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ නිවස්නය, පොලිස් පරීක්ෂක භෝජනාගාරය පරීක්ෂා කිරීම ඇතුළු නිලධාරීන්ගේ සුභ සාධනය සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී ලේකම්වරයාගේ අධීක්ෂණයට ලක්විය.

ක්ෂේත්‍ර බලකා අවි ගබඩාව නිරීක්ෂණය කරමින් ගිනි අවි ගබඩා කිරීමේ ඇති නිවැරදි ක්‍රමවේදයන් පැහැදිලි කළ ලේකම්වරයා තව දුරටත් නිලධාරීන් දැනුවත් කරන ලදි.

පොලිස් ක්‍රීඩා කොට්ඨාශයද එතුමන්ගේ පරීක්ෂණයට ලක් කෙරුණු අතර සමස්ථ ලංකා මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ නියෝජනයන් සඳහා ඉදිරිපත් වන සියලුම ක්‍රීඩික ක්‍රීඩිකාවන් අමතා ඔවුන්ගේ ඉදිරි විජයග්‍රහණයන් මෙන්ම ක්‍රීඩාවේදී බලපා හැකි අඩුපාඩුකම් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. විශේෂයෙන් රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් කතා කළ ලේකම්වරයා පුහුණු නිලධාරීන් අමතා ක්‍රීඩාව සම්බන්ධයෙන් උපදෙස්ද ලබා දෙන ලදි.

මෙහිදී පොලිස් තූර්‍ය වාදක කණ්ඩායම මෙන්ම සංස්කෘතික කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ද අමතා ලේකම්වරයා වැඩිදුරටත් උපදෙස් ලබාදෙන ලදි.

මෙම සංචාරයේදී ලේකම්වරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඉදිරි අනාගත සංවර්ධන ක්‍රියාදාමයන් මෙන්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී පොලිස් නිලධාරියා ඉටුකල යුතු කාර්ය භාර්යය සම්බන්ධයෙන්ද කෙටි සමාලෝචනයක් සිදු කළේය.


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions