148 වැනි පොලිස් දින සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නීතිය හා සාමය ලේකම්වරයා සහභාගි වෙයි.

 148 වැනි ජාතික පොලිස් සංවත්සර සැමරුම මහත් උත්සවාකාරයෙන් 2014.09.03 දින සවස 4.30ට  බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්විණි. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ආරාධනයෙන් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල්    (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි වීඑස්වී සහ එම මැතිණිය සහභාගී වූහ.

චීන මහජන ආරක්ෂාව පිළිබඳ උප අමාත්‍ය ඇතුළු නියෝජිත කණ්ඩායමක් නීතිය හා සාමය ලේකම්වරයා බැහැදකී.

චීන මහජන සමූහාණ්ඩුවේ මහජන ආරක්ෂාව පිළිබඳ උප අමාත්‍ය ලියු යැන්ජින් මහතා ඇතුළු 11 දෙනෙකුගෙන් යුක්ත  නියෝජිත කණ්ඩායමක් 2014.09.02 දින සවස 15.00 පැයට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ පරිශ්‍රයේදී එහි ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි වීඑස්වී මුණ ගැසී සුහද පිළිසඳරක නිරත විය.

Country and tourism at their heart

“An extract from a feature article (News Supplement) in the Island News Paper of 09th July 2014 highlighting the service rendered by Major General (Retd.) Nanda Mallawaarachchi Secretary of Law & Order as the Ambassador to the Republic of Indonesia”
Country and tourism at their heart

නීතිය හා සාමය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ වියට්නාම සංචාරය

ද්විපාර්ශික සබඳතා පිළිබඳ සාකච්ඡාවක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි වීඑස්වී 2014.07.20 සිට 2014.07.26 දින දක්වා වියට්නාම ජනරජයේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය සඳහා ලේකම්වරයා සමඟ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධ විෂයභාර සහකාර ලේකම්වරයා සහ  ලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාද සහභාගී වූහ. වියට්නාම ජනරජයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ  ශ්‍රි ලංකා සංචාරයෙන් අනතුරුව නීතිය හා සාමය ලේකම්වරයා සමඟ ඇති කරගත් ද්විපාර්ශවීය සබඳතා හේතුවෙන් ඔවුන්ගේ නිල ආරාධනය පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසගේ වියට්නාම සංචාරය සිදුවිය.

නීතිය හා සාමයේ ලේකම්වරයා පොලිස් දෙපාර්තමේන්තුවේ රාමසාන් “ඉෆ්තාර්” ආගමික වතාවත් සඳහා සහභාගී වීම

පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මඟින් 2014.07.16 දින පවත්වනු ලැබු රාමසාන් “ඉෆ්තාර්” ආගමික උත්සවයේ ආරාධිත අමුත්තා වශයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි වීඑස්වී සහභාගි විය.


In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions